කේන්දරයක 6,8,12 යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු ස්ථානයන් ලෙසය. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය. හය වන භාවය සතුරන්, කරදර, ණය සහ රෝග ඛාරක තත්වයන් පිළිබඳවද. අට වන භාවය නියෝජනය කරන්නේ මරණය සහ විනාශයයි. එසේම දොළොස් වන භාවයෙන් වැය පක්‍ෂයත්, අනවශ්‍ය වියදම් පිළිබඳවත් නිවේදනය කරනු ලබයි.
එසේ කේන්දරයක හයවැන්න , අටවැන්න, දොලෝස්වැන්න අධිපති ග‍්‍රහයෝ තිදෙනා තමතමන්ගේ ස්ථාන මාරුකරගෙන සිටිමේන් මෙම විපරීත රාජ යෝග ඇතිවෙයි. ඒ අනුව ඒ ස්ථාන මාරු කරගෙන සිටිමෙන් හර්ෂා යෝගය, සරලා යෝගය. විමලා යන යෝග සැදේ.
හයවැන්න අධිපතියා හය
අට දොලොහ යන ස්ථාන වලින් එකක යෙදීමෙන් සෑදෙන හර්ෂා යෝගයත්, අටවැන්න අධිපති එකී
ස්තාන වලින් එකක යෙදීමෙන් සෑදෙන සරලා යෝගයත් ,දොලොස්වැන්න අධිපති
ඉහත කී ස්තානවලින් එකක යෙදීමෙන් විමලා යෝගයත් යෙදෙනු ලබයි.
මෙම යෝගයෙන්ගෙන්
උපදින්නා ජීවිතයේදී අනපේකෂිත ලෙස දියුණුවකට පත්වෙ.කේන්දරයේ
සෙසු බලවත් විමි අනුව දියුණුව අඩු වැඩිවීම් සිදුවන්න පුලූවන්.
හර්ෂා යෝගය ඇතිව උපන් තැනැත්තා නිතරම ජයග්රහණ ලබනවා. ප්‍රිතියෙන් කල් ගෙවනවා. වාසනාවන්තයි. පාපී ක්රියාවන්ට යොමු වෙන්නේ නෑ.ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා කන්යා ලග්න හිමියෙක්. ඔහුගේ හයවැන්න අධිපති වන ශනි හයවැන්නේම තැන්පත්ව ඔහුට හර්ෂා යෝගය නිර්මාණය වී තිබුණා. ඩඩ්ලි සේනානායක මැතිතුමාද කන්යා ලග්න හිමියෙක්. ඔහුගේත් හයවැන්නාධිපති ශනි අටවැන්නේ තැන්පත්ව හර්ෂා යෝගය නිර්මාණය වී තිබුණා.
සරලා යෝගය අටවැන්න අධිපතියා 6,8,12 යන ස්ථාන තුනෙන් එකක තැන්පත් වීමට කියන්නේ සරලා යෝගය කියලා. මෙම යෝගය පිහිටි තැනැත්තා දීර්ඝ ආයුෂ ලබනවා. උගතෙකි. නිර්භීතයි. සමෘද්ධිමත්, ප්රසිද්ධිය ලබනවා. හිටපු ඉන්දීය අගමැති වී.පී. සිං මැතිතුමා කටක ලග්න හිමියෙකි. එතුමාගේත් අටඅධිපති ශනි හය වැන්නේ පිහිටීමෙන් සරලා යෝගය නිර්මාණය වී තිබුණා.
විමලා යෝගය දොළොස්වැන්න අධිපතියා 6,8,12 යන ස්ථාන තුනෙන් එකක පිහිටීමට විමලා යෝගය කියලා කියනවා. මේ යෝගය ඇතිව උපන් තැනැත්තා සතුටින් ජීවත්වන කිසිවකුටත් යටත් නොවන නිවහල් චින්තනයක් ඇති කෙනෙක්. හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක මැතිනියගේ කටක ලග්න කේන්ද්රයේ දොළොස්වැන්න අධිපති බුධ දොළොස්වැන්නේ පිහිටීමෙන් විමලා යෝගය නිර්මාණය වී තිබෙනවා. දුෂ්ට ස්ථාන සහ දුෂ්ට ස්ථාන අධිපතීන් සම්බන්ධව නිර්මාණය වී ඇති මෙම යෝග තුනම විපරීත රාජයෝග විදියට සලකන අතර මෙවැනි යෝගයක් පිහිටි තැනැත්තා ජීවිතයේ මුල් අවධියට වඩා පසු කාලෙක බොහෝ ඉහළට යන බව ජෝතිෂ මූලාශ්රවල සඳහන් වෙනවා.