කාලසර්ප යෝගය යනු රාහුටත් කේතුටත්
මැදිව කේන්දරයක සියලු ග්‍රහයන් පිහිටීම යනුවෙන් ජ්‍යෙතිෂවේද ශාස්ත්‍රයේ
දැක්වේ. අංශක 180 තුළ කලින් සඳහන් කළ ග්‍රහයින් රාහුටත් කේතුටත් මැදිව
සිටින අයකුගේ කේන්ද්‍රයක කාල සර්ප යෝගය උදාවෙයි. තාරකා විද්‍යාවට රාහු කේතු
ගැන සඳහනක් නැතත් ජෝතිෂ විද්‍යාවට රාහු කේතු බලවත් ග්‍රහයින් දෙදෙනකු ලෙස
සලකයි. මේ දෙදෙනා එකිනෙකාට විරුද්ධව පැවැත්ම සහිතය. මෙම යෝගයේ ඵල දීම,
ක්‍රියා කාරිත්වය ඉක්‌මන් වෙයි. උගත්කමින් හෝ බලවත් කමින් හෝ, ධනයෙන්, සැපසම්පත් ආදියෙන් ඉහළට නැග පසුව හනික පහළට පල්ලම් බැසීම කාලසර්ප යෝගයේ ප්‍රතිඵල වේ. ලක්‍ෂණය වේ.
එමෙන්ම ලග්නය සහ හත්වැන්න දෙවැන්න සහ අටවැන්න තෙවැන්න සහ නවවැන්න
සිවුවැන්න සහ දහවැන්න පස්වැන්න සහ එකොළොස්වැන්න හයවැන්න සහ දොළොස්වැන්න
හත්වැන්න සහ ලග්නය යනාදී වශයෙන් කේන්දරයක උත්තරාංශිකව සහ දක්ෂිණාංශිකව රාහු
කේතුගේ පිහිටීමට මැදිව ඒ අතර සියලු ග්‍රහයන් පිහිටීම කාල සර්පයෝගය ලෙස
හැඳින්විය හැකිය.
ජ්‍යෝතිෂයේ එන විවිධ ග්‍රහයෝග පිළිබඳව නා නා විධ චින්තන ඔස්සේ අදහස් ඉදිරිපත් වේ. කාලසර්ප යෝගය ගැන පමණක් අනිටු විපාක ගැන මිස සුබ විපාක ගැන කිසිවකු කතා නොකරයි. නමුත් කාලසර්ප යෝගය සමඟ ප්‍රබල ග්‍රහයෝග යෙදී ඇති අය අතර සමාජයේ උසස් තානාන්තර දරන විද්වත්හුද සිටිති. බුද්ධිමත් පූජක උතුමන් මෙන්ම ඉතා වාසනාවන්ත යුගදිවි ගත කරන දියුණුවට පත් කෝටිපති ව්‍යාපාරිකයෝද සිටිති. එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික උසස් නිල තල දරන්නන් සහ දේශපාලක ක්ෂේත්‍රයේ ප්‍රබල මැති ඇමැතිකම් දරන්නන්ද සිටිනු දකින්නට ලැබේ.
එහෙත් ඉතිහාසයේ සිට මුඛ පරම්පරාවල පැවත එන සහ ගතානුගතිකව පැවත එන මනෝ සංචතනික සංකල්ප කරන කොට ගෙන කාලසර්ප යෝගය පිළිබඳ නානා විධ චිත්‍ර මානව සිත් සතන් තුළ ගැබ්ගෙන ඇත. ඒ තුළින් අන්ධානුකරන ත්‍රාස හා බියජනක සංකල්පයන් ඇති වී තිබෙන බැව් පැහැදිලිය.
No comments:
Post a Comment