පංච මහා පුරුෂ යෝග, සුබ ග්‍රහයෝග අතර මුල්තැන ගනී. කුජ, බුධ, ගුරු, ශුක්‍ර
හා ශනි (බුධ, ගුරු, ශුක්‍ර ග්‍රහයන් වන අතර කුජ ශනි අසුබ ග්‍රහයන්සේ
සැලැකේ. අසුබ ග්‍රහයන්ගෙන්ද සුබ යෝග සෑදේ.) ග්‍රහයන් පස්දෙනා මූලික කරගෙන
පංච මහා පුරුෂ යෝග සෑදේ. පුරුෂ යෝග යැයි සඳහන් වුවද ඒවා වාසනාවන්ත කාන්තා
කේන්දරවලද දැකිය හැකිය. පංච මහා පුරුෂ යෝග, ඒවා පිහිටන ආකාරය, ඒවායින්
ලැබෙන ප්‍රතිඵල ආදිය පහත දැක්වෙයි. මා දන්නා තරමින් මෙම යෝග හතරක්ම ඇතිව මේ
දක්වා ජන්ම ලාභය (උපත) ලබා ඇත්තේ බුදුන් වහන්සේ පමණි. ඔබටද මෙයින් එකක් හෝ
පිහිටා ඇද්දැයි ඔබගේ කේන්දරයෙන් බලාගන්න.
පංච මහා පුරුෂ යෝග
1. රුචක යෝගය.
2. භද්‍රා යෝගය.
3. ගුරු හංස යෝගය.
4. මාලවී යෝගය.
5. සස යෝගය.
1. රුචක යෝගය
මෙය රුචක යෝගය යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය කුජ හෙවත් අඟහරු ජන්ම
කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේන්ද්‍රස්ථානයක උච්චව හෝ
ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.
2. භද්‍රා යෝගය
මෙම යෝගය බුධ ග්‍රහයා ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේන්ද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.
3. ගුරු හංස යෝගය
මෙය "හංස යෝගය" යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය ගුරු හෙවත් බ්‍රහස්පති
ග්‍රහයා ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේන්ද්‍රස්ථානයක
උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.
4. මාලවී යෝගය
මෙය
"මාලව්‍ය යෝගය" යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය ශුක්‍ර හෙවත් සිකුරු, ජන්ම
කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේන්ද්‍රස්ථානයක උච්චව හෝ
ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.
5. සස යෝගය
මෙය "සස යෝගය"
යනුවෙන් හැඳින්වෙයි. මෙම යෝගය ශනි හෙවත් සෙනසුරු, ජන්ම කේන්දරයේ එක, හතර,
හත, දහය (1, 4, 7, 10) යන කේන්ද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන්
යෙදෙයි.
මෙම ග්‍රහ යෝග හා සම්බන්ධ ග්‍රහයන් පාප ග්‍රහයන්ගෙන් පීඩා නොවී සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලබා සිටීම වඩාත් පලදායක වන අතර අදාළ (යෝගයට) ග්‍රහයා ස්වෙක්‍ෂත්‍රව සිටිනවාට වඩා උච්චව සිටීමෙන් මහඟු සුබපල ගෙන දෙයි. ඊට අමතරව යෝගයට මූලික වන ග්‍රහයා තම ජන්ම ලග්නයට යෝග කාරකයා වීම, ගත කරන මහා දශාව හා අතුරු දශාව සුබ වීම ආදී කරුණුද මෙයට බලපායි.
No comments:
Post a Comment