අඩු වයසින් විවාහ වන ග්‍රහ පිහිටීම්
සමහරෙකුට වස්තුව, ධනය, රූමත්කම, උගත්කම තිබුනද විවාහ දිවිය අහිමිව ඇත. ලාබාළ වයසින් විවාහයට පත්ව සාර්ථක විවාහ ජිවිතය ගෙනියන්නෝ ද, සාමාන්‍ය වයස් සිමාවේ දී පොදු සම්මත කාලසිමාවේ දී විවාහයට ගිවිස ගන්නෝ ද, තරුණ විය ඉක්මවා යමින් සිටිය දී විවාහවන්නෝ ද, අද අප අතර සිටිත්. කෙසේ වුවද දෙදෙනෙකුගේ විවාහ දිවිය සාර්ථක වන්නට දෙදෙනා අතර සැකයෙන් තොර අන්‍යෝන්‍ය විශ්වාසය, බැඳීම, සතුට, සාමය, සමගිය පවත්වා ගැනිම, ආර්ථික වර්ධනය උදෙසා මනා කළමනාකාරිත්වය, දරු සම්පත් ලබා ගැනිම, නිරෝගී බව රැකගැනිම, විවාහ ගිවිස ගන්නා දෙදෙනාටම වඩාත්ම වැදගත් වෙයි.
ලාබාළ වයසේ විවාහයක දි සිකුරු කේන්දරස්ථානගතව සහ ත්‍රිකෝණව පිහිටීම ඉක්මන් විවාහයට මග සලසයි.
07වැන්නාධිපතියා 11 වැන්නේ ද සිකුරු 02 වැන්නේද ඉක්මන් විවාහයයි.
07වැන්නාධිපතියා සුබ රාශියක සිටිය දි සිකුරු බලවත් ව තමාගේම නැකතක වුයේ ද ලාබාළ ඉක්මන් විවාහයයි.
07පතියා සිකුරු සමගින් ද 07 වැන්නේ රවි ද ඉක්මන් විවාහ සැපයි.
02වැන්නාධිපතියා 11 වැන්නේ ද 11 වැන්නාධිපතියා 02 වැන්නේ ද ඉක්මන් විවාහයයි.
02වැන්නාධිපතියා කුජ ග්‍රහයා සමගින් ද සිකුරු 02 වැන්නේ සිටිය දී ඉක්මන් විවාහයයි.
02වැන්නාධිපතියා 11 වැන්නේ ද ලග්නාධිපතියා 10 වැන්නේ ද කල් නොගොස් ඉක්මන් විවාහයයි.
ලග්නාධිපතියා මකර, කුම්භ රාශියේද සිකුරු 01, 04, 07, 10 පිහිටි නම් ලාබාල වයසේ විවාහයයි.
සිකුරු කේන්දරස්ථානගත ව සිකුරුගෙන් 07 වැන්නේ සෙනසුරු නම් ඉතාම අඩුවයසින් විවාහවෙයි (ශනිට සිකුරු දැක්ම පාපවීම පාප දැක්ම පමාවයි).
සිකුරු කුජ සංයෝගව හෝ කුජ සිකුරුගේ රාශියේ නැත්නම් නවාංශකයේද සිකුරු කුජගේ රාශියේ නැත්නම් කුජගේ නවාංශකයකද ඉක්මන් විවාහ සැපතයි.
02 වැන්නාධිපති සහ 11 වැන්නාධිපති සංයෝගව 10 වැන්නේ ද ඉක්මන් විවාහයයි. මෙම පිහිටීමට ලග්නාධිපතියා එක්වීම විවාහයෙන් පසු වාසනාවයි.
කේන්දරයේ කුජ සඳු සංයෝග නම් ලාබාල වයසේ විවාහයයි.
තුලා ලග්නයේ සිකුරු ග්‍රහයා ත්රිශාංශකයේ උපත ලබා සඳු ග්‍රහයා තුලාවේ හෝ වෘෂභයේ පිහිටි නම් ලාබාළ වයසේදී විවාහයට පත්වෙයි.
කේන්දරයේ නවාංශාධිපතියා ලග්න කේන්දරයේ 07 වැන්නේ ද බාල වයසින් ම විවාහයයි.
වෘෂභ ලග්නයේ 07 වැන්නාධිපති කුජ සමගින් රවි සංයෝගය ද සඳු ලග්නයේ ද ඉක්මන් විවාහයයි.
සිකුරු සඳු සමගින් හෝ 10 වැන්නේ සිකුරු රවි සමගින් නම් විනෝදකාමී විවාහයක් ලබා දෙනු ඇත.
සිකුරු රවි සංයෝගයෙන් 05 09 වන ත්රිකෝණස්ථානයේදි ඔබට කළාකාමී විවාහයකට ඉඩ සලසනු ඇත.
සිකුරු කුජ සංයෝගයෙන් 05 09 වු ත්‍රිකෝණස්ථානයේ දි අධිකාමුකව රාගයෙන් මත් වු විවාහයකි.
සිකුරු සමගින් රාහු සංයෝගය 03, 04, 06, 07, 08, 12 වැන්නේ පිහිටීමෙන් විවාහය අවුල් ජාලාවකි.
සිකුරු සමගින් සෙනසුරුද 04 වැන්නේ ද සැප නැති, දුක වේදනාව උරුම වු නිරස විවාහයකි.
සිකුරු සමගින් කේතුද 10 වැන්නේ සංයෝගයෙන් ද සැප නැති, දුක වේදනාව උරුමවු නිරස විවාහයකි.
සිකුරු සමගින් සෙනසුරු ලග්නගතව පිහිටීම හේතුවෙන් විවාහය අපා දුකකි. විවාහයෙන් පසුතැවිලි වෙනු ඇත.
- 04 වැන්නේ සුබව සිකුරු සමගින් සඳු පිහිටීමෙන් සැපවත් විවාහයක් ගෙන දීමට සිකුරු සමත්වේ. විවාහය රසවත්වන අතර 04 වැන්නේ සිකුරු සඳු දිග් බලයෙන් යුක්ත වෙයි. 04 වැන්නෙන් නිරූපනය වන්නේ සිතයි. සඳු ග්‍රහයා සිතුවිලි වලට අධිපතියාවේ. තමා දන්නා අයෙක් සමගින් විවාහ වෙනු ඇත. දෙදෙනා අතර අවබෝධය විශ්වාසය ඇති වෙයි. වාසනාවන්ත විවාහයකි. එසේම ලස්සන නිවසක් ද හිමිවෙනු ඇත. කායික මානසික සුවය සැප ලබයි.
- 10 වැන්නේ සුබව සිකුරු සඳු සමගින් හෝ සිකුරු රවි සමගින් සංයෝගයෙන් විනෝදකාමී සැපවත් විවාහයකට මුලපුරනු ඇත. දෙදෙනා නිතරම විනෝදයෙන් සතුටින් කාලය ගෙවයි. කායික ලිංගික සංසර්ගයේදි දෙදෙනා මනා අවබෝධයෙන් යුතුව උපරිම සැප සමගින් විනෝදයෙන් කටයුතු කරයි.
- 05 සහ 09 වැන්නේ සිකුරු රවි සංයෝගයෙන් විවිධ විලාසිතා අනුගමනය කරයි. නිවාස පරිසරයද, යහපත් විවාහයද, කලාවට හා විනෝදයට මෙන්ය. කායික සහ මානසික සැප ඉහලයි. සංසර්ගයේදි දෙදෙනා හඳුනා ගෙන ඉක්මන් නොවී නිවිසැනසිල්ලේ සැප ගනු ඇත. එසේම දෙදෙනා නිතර සංචාරයට, විනෝද ගමනට කැමැත්ත දක්වයි.
- 05 09 සිකුරු කුජ සංයෝග පිහිටීම යහපත් වන අතර අතිධාවනකාරි වුවද මේ දෙදෙනා ම බලවත් බැවින් රිසි සේ සැප ගැනියි. අනියමට නොයනු ඇත. රාගයෙන් මත් වු විවාහයකි.
- සිකුරු රාහු ලග්නයේ පිහිටිම අවුලකි. විනාශයයි. දෙදෙනා අන්‍යෝන්‍ය විශ්වාසයෙන් තොරව සැකයෙන් කටයුතු කිරිම හේතුවෙන් ද දුරදක්නා නුවණ නැති කමින් ද ගිය ගිය තැන සබඳතා ඇතිකර ගැනිමෙන් අවුලෙන් අවුලට පත්ව දෙදෙනා විරසකව කරවයි. සිකුරු රාහු කේන්දරයක සංයෝගය බොහෝ දුරට 01 03 04 06 07 08 12 පිහිටිම අසුබයි. සිකුරු රාහු කේන්දරයේ සංයෝගය 04 වැන්නේ දි අධිකාමුකභාවය හේතුවෙන් සැහීමට පත් නොවී අනියමට පිටස්තරයට යනු ඇත. සිකුරු රාහු 07 වැන්නේද විවාහ දිවිය අවුල් කරවයි. අනියමට යනු ඇත. අසාර්ථක විවාහයයි. නිතර සැප මදි යයි සිතයි, තැවෙයි.
- සිකුරු කේතු 10 වැන්න තම හැඟීම් වලට ආශාවනට නොගැලපෙන බව පෙනෙයි. කායිකව සහ මානසිකවද සැප නැති දිවියකි. ඔහු කොතරම් වේගකාරි වුවද ඇය දකින්නේ මන්දගාමී ස්වරූපයයි. දුක වේදනාව උරුම වු සැප නැති දුක් ජිවිතයකි. නමුත් චරිතය රහසිගතවයි. සිකුරු ශනි 04වැන්න නිසා ලබන්නේ වයසින් වැඩි අයෙක් නිසා සැප පලා යයි. අනියමට හෝ රහස් සබඳයට ඉඩ ඇත.
- සිකුරු ශනි ලග්නයේ පිහිටිමයි. වැන්දඹු හෝ දික්කසාද අයෙක් සමගින් වු විවාහය ටික කලකින් දෙදෙනා අතර මතභේද ඇති වී විරසක වෙයි. සැප හීනවෙයි. මෝඩකමට කරගත් විවාහයක් යයි පසුව දැන පසුතැවිලි වෙනු ඇත.