කේතු ඉන්න තැන අනුව ඔබේ ගතිගුණ
උඩු කයේ මිනිස් රූපයකි. ගාත්රා කොටස දරණයකි. නෙළුම් මලක් මත වාඩි වී පොතක් කියවමින් කේතු ග්‍රහයා වාසය කරයි. කේතුට ඇවිදීමට නොහැකිය. ඒ කකුල්වල තුවාල තිබෙන නිසාය. පොත් කියවමින් නුවණ දියුණු කර ගැනීමට උත්සාහ කරයි. එහෙත් තම ජීවිතය පිළිබඳව කළකිරීමක් ඇත්තකු සේ ගත කරයි. කේතු මිශ්‍ර ඵල ලබා දෙන ග්‍රහයෙක් වන අතර බඩ හෙවත් උදරය සංකේතවත් කරන්නේ කේතුය.
යම්කිසි ජන්මියකුට කේතු ලැබූ විට ඔහුගේ ගතිගුණ ජන්මියන්ට ආරූඪ වේ. කේතු දශාවේ ජන්මියාගේ ලේ දූෂ්‍ය වන අතර උණ රෝග, හොරි, දද, කුෂ්ඨ තුවාල නිතර නිතර ඇති කරවන බව අසා ඇත. කොටින්ම කියතොත් සිරැර වියළි බවක් උසුලයි. මේ නිසාම පපුවේ කැස්ස ඇති වන බව කිවහැක. මල බද්ධය ඇති කරන්නේ බඩේ තිබෙන වියළි බව හේතු කොට ගෙනයි. කේතු ඇත්තවශයෙන්ම දුර්වල අයෙකි. ඇස්වහ කටවහ, සතුරැ උවදුරැ වැඩි වශයෙන් ඇති කරන්නේ කේතුය.
ලේ දූෂ්‍ය වීමෙන් නිතර ලෙඩ රෝග, භූත දෝෂ ඇති කරයි. ධන හානි, තනතුරැවලින් පහත වැටීම නිසා පරිහානියකු බවට ජන්මියා පත්කරයි. වෙන ග්‍රහයන් සංකේත කිරීමට තරු ග්‍රහ වස්තු තිබුණත් කේතු සංකේත කිරීමට කිසියම් ග්‍රහයෙක් නොමැතිවත් කැපී පෙනෙන ලක්ෂණයකි. රාහු කේතු චින්තන මාත්‍ර ග්‍රහයන් දෙදෙනකු පමණකි. යම්කිසි බලවේග වශයෙන් හැඳින්වුවද වරදක් නැත.
රාහු ජන්ම පත්‍රයේ කේතුට සත්වන ස්ථානයේ යෙදෙනු ඇත.විංශෙෘත්තර් දශා බෙිදිමි අන්ව කේතු දශාව වසර 7කි.ජන්ම පත්‍රයේ ( කේ ) අක්ෂරයෙන් කේතු සටහන් තැබෙනු ඇති.
කේතු මෝකෂයට කාරක වන ග්‍රහයෙක් වන අතර ඹහුට හිමි වු දොලොස්වැන්න මෝක්ෂය නියොජනය කෙරෙන ස්ථානය වේ.එසේම මීන රාශියද යෙදෙන්නේ දොලොස්වැන්නට වන අතර කේතු මිනය තුලදී ස්ව කේෂත්ර වනු ඇති.මෙම ත්‍රිත්වයේ පවතින තත්වය මත ජන්මියා මෝක්ෂය වෙතට යොමු විය හැකි බලයක් ද උදාවිය හැකියි.
යෝගකාරක
ග්‍රහයන් සමග යහපත් අයුරින්
කේතු සිදුකෙරෙනු ලබන සමිබන්ධයක් සහිත ජන්මපත තුලින් ජන්මියා වෙත බලවත්බව ලධනවත් බව හා වෙනත් යහපත් දේ
පිලිබදව නිවේදනයක් ලබා දෙනු ඇත.අශුභ ග්‍රහයන්
සමග දුර්වල වන කේතු මෙයට විරුද්ධ ප්‍රතිපල ලබාදෙයි.
කේතු
කෙනෙකුගේ ලග්නය මත යෙදීම එම තැනැත්තා
තුල හැකිලවීමක් සිදුවිය හැකියි.එනමි ප්‍රසිද්ධියෙන් තරමක ඇත්වීමක් යනුවෙන්ද හැදින්විය හැකියි.
දක්ෂතා ඉස්මතු වී සමාජයට නොපෙනිම
,
ප්රශංශාවන් අහිමි වීමි ආදි වැනි කරුණු ජන්මයා වත යෙදිය හැකියි.කුඩාකාලයේදි කේතු දශාවක් හිමි
වීම මගින් අධ්‍යාපන දියුණුවක් යෙදිය හැකියි.බොහෝවිට
ශරීරියේ පිරිපුන් බවක් දක්නට නොමැත.වෘත්තියක හෝ ව්‍යාපාරයක යෙදෙන අයට කේතු දශාවක් හිමි වීමි එතරමි
යහපත් බවින් යුතු නොවේ.නමුත් ඥානයක්
ජන්මියා සතුවන අතර විකල්ප දේශපාලන මත වෙත යොමු විමක් ඇති විය හැකියි.ධනු හෝ මීන රාශියක වෙමින් ලග්නගත
කේතු වඩාත් යහපත්ය.
දෙවැන්න
මත යෙදුන කේතු දුර්වල වී දුර්වලත්වයට
පත් බුධ දෘෂ්ටිය පත්වීම සමේ යමි රොගී තත්වයන් ඇති කරනු ඇති.ධනය ඉතිරි කර ගනීමට බාධාවන් යෙදිය
හැකියි.ශුභ දෘෂ්ටියට ලක්වන කෙතු දෙවැන්න මත යෙදීම මුහුණට අලංකාරයක් එක් කෙරෙනු
ඇත.විවාහයේ යමි ගැටලූ , හිසේ මුහුණේ
තුවාල කේතු ට හිමි වන තත්වය මත යෙදිය හැකියි.
තෙවැන්න
බොහෝවිට පාපි ග්‍රහයන්ට යහපත්
ස්ථානයකි.කේතුටද මෙම ස්ථාන යහපත් වනු ඇත.බාල සහෝදරියන් හිමි කර දෙනු ඇත. සහෝදරයන් කෙරෙහි හිතවත් බව තරමක් අඩුවිය හැකියි.
සතරවැන්න මත යෙදෙන කේතු ලස්සන නිවහනක් හිමි කරදෙන්නේ ජන්ම පත්‍රය මත යෙදෙන යහපත් බව අනුවයි. අයහපත් නමි දේපාල හානි, පපුව ප්‍රදේශයේ දුර්වලතාවයන් ඇති කරනු ලැබිය හැකියි.සිහින් සිරුරකි.
කෙතු
පස්වැන්න මත යෙදීම ශුභපල හිමිකරදෙන
පිහිටීමක් වනු ඇත.දියණියන් හිමි වීමේ අවස්ථාව දැඩියි.අධ්‍යාපනය යහපත්.සිය දශාව තුලදී ජන්මියා වෙතට
ශූභපල පිරිනැමීමට සමත්ය.
සයවැන්නට
කේතු එතරමි යහපත් බවක් නොපෙන්වයි.ඇස්
වහ කටවහ ආදියට යොමුවන්නෙකි.රෝග සදහා ප්‍රතිශක්තිය තරමක් අඩුයි.කේතුගේ දශාව තුලදි අන්තර් දශා
තුලදී රෝග පීඩා නිතර ඇති කරනු ඇති.
සත්වැන්න
මත කේතු සිටි නමි එම ස්ථානසමිබන්ධයෙන්
කියවෙන කරුණු සමිබන්ධයෙන් තරමක පීඩාකාරී තත්වයන් ඇති විය හැකියි.සමේ රෝග සෑදිය හැකියි.විවාහය
තුලදී යමි ගැටලූ යෙදිය හැකියි.ස්ථාන මාරු
යෙදිය හැකියි.
කේතු
අටේ සිටින්නේ නමි සිය දශාව තුලදී
සිතුවිලි යමි ප්‍රමාණයකින් දුෂ්‍ය බවක් එක් කරනු ලබයි.අමනුෂ්‍ය දෝෂ යෙදිය හැකියි.සමේ රෝග එම රාශියට භාවයට
අයත් රෝග පීඩාවන් යෙදිය හැකියි.
නවය
මත කේතු යෙදීම අධ්‍යාපනය කෙරෙහි
යහපත්
බවක් එක් කෙරෙනු ඇති.ලෞකික දියුණුවට අයහපත් නොවේ.යමි මිථාවන් කෙරෙහි සිත ඇදිය හැකියි.අන්ධ භක්තිය
යෙදේ.
දසවැන්න
මත යෙදුනු කේතු රැකීරක්ෂා හා ව්‍යාපාර ආදියෙහි කටයුතු සදහා තරමක කරදර ඇති කෙරෙනු
ඇති.රෝග පීඩාදියද යෙදිය හැකියි
අයස්ථානය හා එකොලොස්වැන්න මත රැදෙන කේතු බලවත් වීම මත ජන්මියා වෙතට ලෞකික සැප සමිපත් හිමි වන බවට නිවේදනය කරයි.ජන්මියා කෙරෙහි රූපශෝබාව දියුණු කර දෙනු ඇත.සමස්ත වශයෙන් යහපත් ස්ථානයකි.
දොලොස්වැන්නට කේතුට යහපත් වු ස්ථානයකි.කේතු දශාවන් හිදී සැපසම්පත් යෙදිය හැකියි.ඥානය හිමි
වන පිහිටීමයි.මොක්ෂය වෙතට යොමුකීරිමක් ඇති කරයි.සමස්ත වශයෙන්
යහපත් බවක් ගෙන දෙනු ඇත.
කේතු අපල වළක්වා ගැනීම සඳහා පුද පූජා කරන අවස්ථාවේදී රතු මල්, නිල් මල්, පුවක් මල්, කෙසෙල් මුහ මල්, පස් තෙල්, මිශ්‍ර තෙල් පහන් ද තද නිල් පැහැති කොඩි හා රතු පාට කොඩි පූජා කිරීම ද අපලය වළක්වා ගැනීමට පිටිවහල් වේ. උදෑසන කාලයේදී තල මිශ්‍ර කිරිබත්, කෙසෙල් ගෙඩි, මී කිරි, මී පැණි, කැවිළි පූජා කිරීම, අගිල් මිශ්‍ර සුවඳ දුම් පූජාව ඉක්මන් ශුභ ඵල උදාකර ගැනීමට මෙන්ම රාහු අපලය නැති කර ගැනීමට ද මගකි.
මහ පොළොවට හෝ නැත්නම්
වයඹ දිශාව බලා පූජා පැවැත්වීමට, දෙවියන්ට
පිං දීම, පිහිට
පැතීම, ධජග්ග
සූත්‍රය, ඛන්ද
පරිත්ත යන්ත්‍රය පැළඳ ගැනීම ආරක්ෂාව සඳහා යෝග්‍ය වේ. පොල්
ගෙඩි පිරිත් කර දින හතක් පොල් ගැසීම ද ගුණදායකය.
විරූපාක්ෂ, ඒරාඵත්ථ, ජක්යපුත්ත, කණ්හාහෝතම යනුවෙන්
හඳුන්වන සර්ප කුල හතරේ සියලුම සර්පයන්ට මම මෛත්‍රී කරමි.
සියලුම සර්ප ජාතීහු සුවපත් වේවා යන්න හත් වරක්, නව වරක්, එකසිය අට වරක් කීමෙන්
කේතු අපලයට පිළියමක් වේ.
No comments:
Post a Comment