රාහු ස්වරූපයෙන් නයි පෙනයක් සහිත හිසක් ඇති උස්වු සිහින් සිරුරක් සහිත අත් පා දිග පුද්ගලයෙකි. අසෙකු පිට නැග වේගයෙන් ගමනේ යෙදෙයි.ඔබ දැක ඇතුවාට සැක නැත මෝටර් බයිසිකලයක නැග පණ එපා කියා වේගයෙන් යන තරුණයකු.මෙමගින්ම රාහුගේ ස්වරූපය සිතට නැගෙනු ඇත.
රාහු අරමුණින් තොරව ඇවිදීමට පොළඹවන බුද්ධිය හීන කරන ඉගෙනීමට බාධා ඇති කරවන සුරා සූදුවලට ලොල් බවින් යුතු පුද්ගලයකු බිහි කරවයි.අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින කාලයේ රාහු මහදශාව ලැබුවොත් ඉගෙනීම කඩාකප්පල් වේ.නමුත් සුභ ග්‍රහයකුගේ දෘෂ්ඨි ලදහොත් රාහු අධයාපන කටයුතු වඩාත් කාර්ය්‍යෂම වේගවත්ව කරගෙන යාමට සහය ලබාදෙයි. යහපත් වු ග‍්‍රහයෙකු සමග යෝගවී හෝ දෘෂ්ඨි ලදහොත් විශේෂයෙන් ගුරු වැනි සුභ ග‍්‍රහයෙකුගේ දෘෂ්ඨි ලදහොත් රාහු ජන්මියාව හට යහපත දියුණුවකරා ගෙන යයි.එයින් පෙනී යන්නේ හොද හෝ නරක කුමක් වුවත් රාහු එය වේගවත්ව ඉදිරියට ගෙනයාමට සහාය ලබාදෙන බවයි.
කේන්දරයක 3 6 11 යන ස්ථාන රාහු හට ශුභඵල ගෙනදෙන බවට පිළිගැනීමක් ඇත. රාහුගේ දෘෂ්ඨිය 5, 7, 9, 12 යන ස්ථානවලට වැටෙන අතර රාහු සිටින භාවය අනුවද දෘෂ්ටි හා සංයෝග අනුවද ශුභ අශුභ ගෙනදෙයි.
කෙසේ හෝ ජන්මියෙකුගේ දියුණුවට රාහුගෙන් සහයෝගයක් හිමි හිමිවන්නේ උපන් මොහොත වන විට රාහුට යහපත් ස්ථානයක සිටි නම් පමණි.එසේ යෙදී ඇත්නමි ජන්මියා දක්ෂයෙකි, කඩිසරය,ධනය බලය හිමි කර ගැනිමටද රාහු උපකාර කරනු ඇත.
යමෙකු හට රාහු ලැබුවහොත් උපන් නිවසින් උපන් ගමින් ඈත්ව දුර බැහැර ගමන් යෙදීමට සිදුවනු ඇත.විදේශ ගමන්වල යෙදිමටද රාහුගේ බලපෑම හේතුවේ.රාහු ජන්මියා මතට යොමු කරවනු ලබයි.විෂ සහිත සර්පයන්ගෙන් විපත්ද සිදුවිය හැක.
සාමාන්‍යයෙන් කිසිම ග‍්‍රහයෙකුගේ ඇසුරක් නොමැතිව හුදකලාව දුර්වල වු රාහු එකී ස්ථානයට ආදලව යෙදෙන කටයුතු කෙරෙහි අශුභතාවන් ඇති කරනු ලබනු ඇති.
වෙනත් ග‍්‍රහ ඇසුරකින්
තොරව රාහු ජන්ම පත‍්‍රයක යෙදෙන ස්ථානය අනුව ජන්මියාට යම් යම් පල විපාක ලබාදෙයි
රාහු ලග්නයේ පිහිටිවිට ජන්මියා නිර්භීතය. ඉක්මන් දියුණුවද ඇති කරන පිහිටීමකි. රාහු ලග්නය මත දුර්වලත්වයට පත්විම මානසික වශයෙන් අවුල් සහගත තත්වයක් ඇති කල හැකියි. ඉක්මන් ගතිය නිසා කටයුතු අවුල් කරගනි.ඉක්මන් දුරදිග නොබලා ගන්නා තිරණ නිසා පසු කාලීනව පීඩාවට, අපහසුතාවයන්ට ලක්වනු ඇති.
රාහු දෙවැන්නේ නම් සුරා සූදුවට ඇබ්බැහි වන අතර නිතර කෝපයට පත්වෙයි. ධනය ඉතිරි කර ගැනිමට බාධා ඇති කල හැකියි.තමාගේ තත්වය නිතර වෙනස් කිරිම නිසා අන් අයගේ දෝෂ දර්ශනයට ලක්වේ.
රාහු තුන්වැන්නට සුභ ස්ථානයකි. ක්ෂණික තීරණ ගනියි. ධනවතෙකු වෙයි.ජන්මියා සුරයෙක් බවට පත් කරයි.සතුරු කරදර ඉවත් කරයි.නිතර ගමක් බිමන් ආදියෙහි යෙදෙන කාර්ය බහුල අයෙක් වේ.මෙම ස්ථානයේ රාහු බලවත් වීම ජන්මියා දියුනුවට පත්වන බවට නිවේ දනයක් වේ
සිව්වැන්නේ නම් ඇවිදීමට ප්‍රිය වෙයි. කලබල වෙයි. සමහරවිට උපන් ප්‍රදේශයෙන් ඈත්ව ජීවත්වන අයෙකු විය හැකිය.තම දේපොල පිලිබදව යමි ගැටලූද යෙදිය හැකියි.ගේ දොර ආදිය කටයුතු නිසිලෙස ඉටු නොවන බවක් පෙනෙනු ඇත.ඥාතීන් සමග යමි ගැලුකාරී තත්වයන් යෙදිය හැකියි.
බලවත්ව හා යහපත්ව පස්වැන්න මත යෙදුනු රාහු අධ්‍යාපනයට යහපත් බවක් ගෙන දෙනු ඇත.අධ්‍යාපනයෙන් ප‍්‍රතිපල හිමි කරදෙනු ඇත.දුර්වල වීම එහි විරුද්ධ ප‍්‍රතිපල සදහා යොමු කරවනු ඇති.දරුවන් කෙරෙහි යමි අශුභතා යෙදෙනුලබයි.කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව කටයුතු කරන නපුරු අයෙකි.
හයවැන්නේ නම් සැලකිය යුතු ජීවන තත්ත්වයක සිටින රෝගවලින් පීඩා විඳින ස්ත්‍රීන්ට ඇළුම් කරන ධනවතෙකු විය හැකිය. සතුරු කරදර බාධක ඉවත් වන අතර ජන්මියා කාර්යසුර බුද්ධිමත් අයෙකු බවට පත්කරනු ඇත සේවකයන් පාලනයට දක්ෂවේ.
හත්වැන්නේ රාහු තැන්පත්ව ඇත්නම් සුරා පානයට ගිජු කාමාධික අයෙකු විය හැකිය. සාමාජීය කටයුතු සදහා උදවු උපකාර කරත් ඉන් තමාට පෙරලා ප‍්‍රශංශා හිමි විම අල්ප වනු ඇත.
අටවැන්න මත යෙදෙන
රාහු මානසික වශයෙන් පීඩනයක් ජන්මීන් වෙත ඇති කරනු ඇති. අටවැන්නේ
නම් පහත් ගතිගුණ බලපාන කෝලාහලවලට ප්‍රියවෙන කලබලයෙන් ක්‍රියා කරන කෙනෙකි.එම
නිසාම නීතිමය ගැටලූ යෙදිය හැකියි.වංචා සහගත කටයුතු සදහා ඉදිරිපත්
විය හැකියි.සිතුවිලද තරමක චංචල බවින් යුතුය.විදෙස් ගමන් යෙදිය හැකියි.
නමවන්න තුලදි රාහු ගෙන් යමි යහපත් බවක් බලාපොරොත්තු විය හැකියි.විදේශ සංචාර ආදියට ඉඩ යෙදේ.ආගම දහමට භක්තිය ඇති සහකාරියට අවනත කෙනෙකුවේ.
දහවැන්නේ නම්
දහය රාහුට යහපත් තැනකි.වෙනත් කෙනෙකු යටතේ කටයුතු කිරිමේ අපහසුතා යෙදේ.කටයුතු කලද දිර්ඝ කාලීනව නොවේ.ඉක්මනින් දියුණුවේ.ජන්මයා තුලද කාර්යසුර්යත්වයක් දක්නට ඇත.තමාගේම කටයුතු ආදියෙන් දියුණුවක් හිමි කරගත හැකියි. කලා කටයුතුවලට හා දේශපාලනයට කැමති රැකියා කරන ස්ථානයේ ප්‍රධානීන්ට පාලක පක්ෂයට විරුද්ධව ක්‍රියා කරන අයෙකු වීමටද ඉඩ තිබේ..
අයස්ථානය හෙවත් එකොලොස්වැන්නද රාහුට යහපත් බවද ඉහතද සටහන් විය.රාහුගේ දශාවක් හිමි කල ජන්මියාට ලෞකික වශයෙන් දියුණුව හිමි කෙරෙන කාලයක් උදාකරනු ඇත.ආදායමි තත්වය උසස් කෙරෙනු ඇත.නමුත් මෙම කාලය තුලදි හිමි වන ආදායමි ඉතාමත් ධාර්මික වීම මත එහි ස්ථිරත්වය රැදෙනු ඇත.
වැයස්ථානය හෙවත් දොලොස්වැන්න විදේශ ගත වීමි යෙදිය හැකියි.ණය වීම ආදිය කල යුත්තේ පාලනයක් හා සැලසුමක් සහිතවමය.මුදල් යොදවා කෙරෙන ක‍්‍රිඩා දියට යොමු විය හැකියි.නොයෙක් වියදමි යෙදිය හැකියි.පිට ප‍්‍රදේශ වල ඇවිදීම පි‍්‍රය වනු ඇත.
මේ අනුව රාහු ජන්මපත‍්‍රය තුල යෙදෙන ආකාරය අනුව ජන්මියා වෙතට උදාවන ශුභ අශුභ පිලිබදව දැනගතහැකිය. රාහු යැයි කියු පමණින් හෝ රාහු දශාවක් හිමි වෙතැයි පැවසු සැනින් කලබල නොවී ජන්මපත‍්‍රය පරීක්ෂා කරවා හිමි වන්නේ ශුභද අශූභ ද යන්න පිලිබදව තීරණය කර සුදුසු වත් පිලිවෙත් ආදියෙහි යෙදීම වඩාත්ම යෝග්‍යවේ.
No comments:
Post a Comment